සිය පළමු IPL අත්දැකීම පිළිබඳව විජයකාන්ත් හඬ අවදි කරයි.. -
Conference

සිය පළමු IPL අත්දැකීම පිළිබඳව විජයකාන්ත් හඬ අවදි කරයි..

ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන් IPL වරම් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට විජයකාන්ත් වියස්කාන්ත් ඊයේ සමත්වුණා. ඒ ලක්නව් කණ්ඩායමට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඊයේ IPL වරම් දිනාගනිමින්. තරඟයෙන් අනතුරුව සාකච්ඡාවකදී පළමු IPL අත්දැකීම පිළිබඳව ඔහු අදහස් පලකළා.

විජයකාන්ත් වියස්කාන්ත් දැක්වූ අදහස් පහළින්..

” ඒක හීනයක් වගේ. සන්රයිසර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම ගෞරවයක්. IPL සෙල්ලම් කිරීමට ලැබීම ගැන මම ගොඩක් උද්යෝගිමත්. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම අද සෙල්ලම් කරනවා කියලා දැනගත්තෙ කලින් දවසෙ රෑ. මම ඒ වෙලාවෙම පවුලේ අයට කෝල් කරලා කිව්වා. එයාල ගොඩක් සතුටුවුණා.

මම ටිකක් කලබල වුණා පූරන්ට පන්දු යවද්දී, මොකද ඔහු මා පිළිබඳව හොඳින් දන්නවා. මමත් ඔහු පිළිබඳව දන්නවා. ඔහුට එරෙහිව පන්දුයැවීම ඉතා අපහසුයි. නමුත් ඔහු ඉතා සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. ILT20 තරඟාවලියෙදි ඔහුගේ නායකත්වය යටතේ මන් ක්‍රීඩාකළා. ඔහු මට ගොඩක් උදව් කළා. ඔහු දන්නවා මම පන්දුයවන ආකාරය ගැන. මම ඔහුගෙන් ඇහුව්වා මගේ පළවෙනි තරඟෙ මගේ පන්දුයැවීම කොහොමද කියලා. එවිට ඔහු පැවසුවා ඔබේ පන්දුයැවීම අනර්ඝයි කියලා.

මුරලිදරන්ව මට මුණගැහුණෙ පළවෙනි පාරට. ඔහුත් දමිළ කෙනෙක්. ඒ නිසා කතාබහ කරන්න ගොඩක් ලේසිවුණා. ඔහු තරඟයට පෙර කිව්වා ඔයාගෙ මූලික දේවල් කරන්න, වේරියේශන් පාවිච්චි කරන්න කියලා. ඒ දේ තමයි මම කළේ. මම සතුටුවෙනවා ඔහුත් එක්ක වැඩකිරීමට ලැබීම ගැන. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button