ගිල් සහ සුදර්ශන්ගෙන් වාර්තාගත ආරම්භක සබඳතාවයක්.. -
IPLLeague

ගිල් සහ සුදර්ශන්ගෙන් වාර්තාගත ආරම්භක සබඳතාවයක්..

( වීඩියෝ පහතින් ) 2024 IPL තරඟාවලියේ 59 වන තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 231 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. ගුජාරාට් ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 210 ක සබඳතාවයක් ගොඩනැඟීමට නායක ශුබ්මන් ගිල් සහ ශායි සුදර්ශන් සමත්වුණා. එය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩැනැඟු ඉහළම සබඳතාවය ලෙසයි. ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් කුයින්ටන් ඩි කොක් සහ ලෝකේශ් රාහුල් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව 2022 දී ගොඩනැඟූ ලකුණු 210 ක සබඳතාවය සමකරමින්.

සිය සිව්වන IPL ශතකයද සමඟින් නායක ශුබ්මන් ගිල් පන්දු 55 කින් ලකුණු 104 ක් රැස්කළ අතර සිය මංගක IPL ශතකය වාර්තා කළ ශායි සුදර්ශන් පන්දු 51 කින් ලකුණු 103 ක් රැස්කළා. ( ඔවුන් දෙදෙනා දියත්කළ විශිෂ්ට ශතක ද්විත්වය පහතින් නැරඹිය හැකියි )

ශුබ්මන් ගිල් රැස්කළ විශිෂ්ට ශතකය ( වීඩියෝව )

ශායි සුදර්ශන් රැස්කළ විශිෂ්ට ශතකය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button