එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා සමූදීමට සැරසෙයි.. -
News

එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා සමූදීමට සැරසෙයි..

එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්, ග්‍රීස්ම සෘතුව අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත බව වාර්තා වෙනවා.

The Guardian පුවත්පත් වාර්තා කරන පරිදි එංගලන්ත ටෙස්ට් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්තයේ සිට එක්සත් රාජධානිය වෙත පැමිණ ගොල්ෆ් ක්‍රීඩාකරන අතරතුර ජෙම්ස් ඇන්ඩර්සන් හට පවසා තිබෙන්නේ අනාගතය දෙස බලා 2025-26 අලුබඳුන තරඟාවලියට කණ්ඩායම ගොඩනඟන බවයි.

ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 700 යේ සීමාවට ළඟාවූ ලොව තෙවන පන්දුයවන්නා බටට පත්වීමට පසුගිය ඉන්දීය සංචාරයේදී හැකිවුණත් ඔහුට කැපීපෙනෙන දක්ශතා දැක්වීමට හැකිවුණේ නෑ.

ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලිය අවසානයේ ඔහුට වයස අවුරුදු 42ක් සපිරෙන අතර, අගෝස්තු මස අගදී ඔහුගේ මව්බිම වන එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ ඊළඟ තරග තුනකින් සමන්විත තරගාවලියේදී ඔහුගේ සමුගැනීම සිදුවනු ඇති බව වාර්තා වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button