අපි නම්කරපු 15 හ ඇතුළෙ පවර්පුල් බැට්ස්මන්ල ඉන්නවා – උපුල් තරංග -
News

අපි නම්කරපු 15 හ ඇතුළෙ පවර්පුල් බැට්ස්මන්ල ඉන්නවා – උපුල් තරංග

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ සාමාජිකයන් මාධ්‍ය හමුවමක් කැඳවමින් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සහ නම්කළ ලෝක කුසලාන සංචිතය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන්නා.

තේරීම් කමිටු සභාපති උපුල් තරංග මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදෙමින් දැක්වූ අදහස්

” කුසල් ජනිතුත් අපි අන්තිම මොහොත වෙනකන් බලපු ක්‍රීඩකයෙක්. ඔහු අන්තිම කාලෙ ලංකාවට සෙල්ලම් කරපු තරඟවල සාර්ථක වුණේ නෑ නමුත් ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්. අපි මොන 15 නම්කළත් පුහුණුකරුත් නායකයත් තමා තරඟයේදී වගකීම තියෙන්නෙ. මොකද ඔවුන්ගෙ මතයත් අපි බලන්නෝනෙ. අපි ඔවුන් එක්කත් කතා කරලා තමයි අන්තිම 15 ත් ට්‍රැවලින් රිස’ව් එකත් නම්කළේ.

අපි භානුක සහ කුසල් ජනිත්ට ගියේ නැත්තෙ අපි හිතුවා අපි නම්කරපු 15 හේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් පවර් එක තියෙනවා කියලා. මොකද අපිට ඕෆනර්ස්ලගෙන් ගත්තම කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා අන්තිම තරඟවලදී. ඒ වගේම කමිඳු මෙන්ඩිස්, චරිත් ඒ වගේම වනිඳු ඉන්නවා දසුන් ඉන්නවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපිට පවර් එක මේ ඉන්න 15 ස් දෙනාගෙන් කවර් කරගන්න පුලුවන් වෙයි කියලා.

අපිට දැනට තියෙන මෙඩිකල් රිපෝර්ට්ස් එක්ක අපිට මතීශ පතිරණගේ සේවය ලෝක කුසලානය පුරාවටම ලබාගන්න පුලුවන්. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button