එංගලන්ත ප්‍රභලයන් රැසක් IPL හැරදා යයි.. -
News

එංගලන්ත ප්‍රභලයන් රැසක් IPL හැරදා යයි..

ජූනි 02 වනදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීම වෙනුවෙන් IPL තරඟාවලියට එක්වී සිටින එංගලන්ත ලෝක කුසලාන සංවිතයට නම්කළ ක්‍රීඩකයින් ඉන්දියාවේ සිට යළිත් එංගලන්තය බලා පිටත්වීම ආරම්භ කර තිබෙනවා.

ලෝක කුසලානයට පෙර සිය දණහිසේ ආබාධය සුවකරගැනීමේ අරමුණෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ලියම් ලිවිංග්ස්ටන් මේවනවිටත් එංගලන්තය බලා පිටත් වී තිබෙනවා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එරෙහිව ගිය ඉරිදා ලද ජයෙන් අනතුරුව බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන විල් ජැක්ස් සහ රීස් ටොප්ලි යළිත් එංගලන්තය බලා පිටත් වී තිබෙනවා.

එලෙසම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩක ජෝස් බට්ලර්ද එංගලන්තය බලා පිටත්ව තිබෙන අතර මොයින් අලී, ජොනී බ්‍රේස්ට්‍රෝව්, සෑම් කරන් සහ පිල් සෝල්ට් ද මේ සතිය ඇතුළත ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button