කුසල් මෙන්ඩිස්ට වීසා ගැටලුවක්.. -
News

කුසල් මෙන්ඩිස්ට වීසා ගැටලුවක්..

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙක් වන කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දු හට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වයාමට වීසා බලපත්‍ර තවමත් නොලැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නොහැකි වී තිබෙනවා.

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඩුබායි හරහා නිව්යෝර්ක් වෙත පිටත්වූ අතර වීසා ගැටලුව හේතුවෙන් ඔවුන් දෙදෙනාට කණ්ඩායම සමඟින් එක්වීමට නොහැකි වුණා.

වාර්තා වන අන්දමට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒවා නිකුත් වූ විගස ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button