නේපාල සුපිරි තරුව යළිත් ක්‍රිකට් පිටියට.. -
News

නේපාල සුපිරි තරුව යළිත් ක්‍රිකට් පිටියට..

හිටපු නේපාල ක්‍රිකට් නායක Sandeep Lamichhane ඔහුට එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස් වී තිබෙනවා.

කාන්තා දූශණ චෝදනා වලට වරදකරු වූ සන්දිප්ව, මැයි 15 දින පතාන් මහා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකින් ඔහුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

අවුරුදු 18 ක දැරියක් දූශණය කිරීමේ වරදට වරදකරු වූ ඔහුට 2022 දී වසර 08 ක සිරදඬුවමක් නියම වූ අතර නේපාලයේ ඉහළම අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

මෙම තීන්දුව ලැබීමත් සමඟින් එය සැමරීම සඳහා නේපාල ක්‍රිකට්ලෝලීන් විශාල පිරිසක් අධිකරණය අසලට රැස්ව තිබෙන අතර ඔවුන් උසාවි පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීම සඳහා කැරලි මර්දන පොලීසියද යොදවා තිබූ බව වාර්තා වෙනවා.

නේපාලය වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා ඔහුවන අතර නෙපාල ලෝක කුසලාන සංචිතයට ඔහු ඉදිරියේදී එක්වීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button