TM ඩිල්ශාන්ගේ දුව, ලිමන්සා ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමට ලකුණු 14ක ජයක්. -
Domestic

TM ඩිල්ශාන්ගේ දුව, ලිමන්සා ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමට ලකුණු 14ක ජයක්.

අවුරුදු 23න් පහළ කාන්තා නැශනල් සුපර් ලීග් 2024 තරඟාවලියේ පලමු තරඟය ලෙස දඹුල්ල හා ගාල්ල කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 14ක ජයක් වාර්තාකර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ දුව වන, ලිමිනි ලිමන්සා තිලකරත්න ද ක්‍රීඩා කළ අතර, ඇය දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී ලකුණු 83කට සියලුම දෙනාදැවී ගිය ගිය අතර, ලිමන්සා තිලකරත්න ලකුණු 2කකට දැවීගියා.

නමුත්, පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 69ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කඩුලු රකින ක්‍රීඩක Chamodi devindaya යි. ඇය පන්දු 26කදී ලකුණු 15ක් වාර්තාකළා.

පන්දු යැවීමේදී, ලිමන්සා තිලකරත්න පන්දුවාර 3.1ක් අවසානයේදී ලකුණු 9කට කඩුලු 2ක් බිඳ දැමීමට ද සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button