නුවන් තුශාරට රුපියල් ලක්ෂ 43ක දඩයක්. පාන්ඩ්‍යාට තරඟ තහනමක්. -
News

නුවන් තුශාරට රුපියල් ලක්ෂ 43ක දඩයක්. පාන්ඩ්‍යාට තරඟ තහනමක්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරඟය ඊයේ (17) පැවැත්වුණ අතර එහිදී, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ සිට තරඟාවලිය අවසන් කිරීමට සිදුවුණා.

මෙම තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත වේලාවට පෙර පන්දුවාර 20 යැවීමට නොහැකිවීම හේතුවෙන් නායක හර්දික් පාන්ඩ්‍යාට එක් තරඟයක තරඟ තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව ඊලඟ අයි.පී.එල් තරඟ වාරයේදී පාන්ඩ්‍යාට පලමු තරඟය ක්‍රීඩා කිරීමට නොහැකි වෙනවා.

මේ අතර, තරඟ තහනමට අමතරව පාන්ඩ්‍යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් ද නියම කර ඇති අතර, කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සියලුම දෙනාට, ඉන්දීය රුපියල් ලක්ෂ 12 බැඟින් දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තරඟය නුවන් තුශාර ද ක්‍රීඩා කළ අතර, ඔහුද එම දඩ මුදලට යටත් වන අතර, එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගත් විට රුපියල් ලක්ෂ 43කට ආසන්න මුදලකි

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button