විශ්ව ප්‍රනාන්දු එංගලන්ත දේශීය ක්‍රිකට් පිටියට.. -
News

විශ්ව ප්‍රනාන්දු එංගලන්ත දේශීය ක්‍රිකට් පිටියට..

ශ්‍රී ලංකා ටෙස්ට් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ Yorkshire ප්‍රාන්ත කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ මීළඟ ප්‍රාන්ත ශූරතා තරඟ තුනක් සඳහා Yorkshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීම සඳහායි.

ඒ අනුව ඔහු Northamtonshire, Gloucestershire සහ Derbyshire කණ්ඩායම්වලට එරෙහි තරඟ ක්‍රීඩාකිරීමට නියමිතයි.

විශ්ව පසුගිය වර දෙවන කොටසේ ශූරතාවය දිනාගත් Durham වෙනුවෙන් තරඟ දෙකකට ක්‍රීඩාකරමින් කඩුලු 07 ක් දවාගැනීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button