අවසන් මොහොතේ චෙන්නායි පරදමින් බැංගලෝර් අවසන් වටයට.. -
IPLLeague

අවසන් මොහොතේ චෙන්නායි පරදමින් බැංගලෝර් අවසන් වටයට..

( වීඩියෝව පහතින් ) මෙවර IPL තරඟාවලියේ 68 වන තරඟය චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණු අතර මෙම තරඟය දෙපිලටම තීරණාත්මක වුණේ ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලැබීමට මෙම තරඟයේ ජය වැදගත් සාධකයක් වීම හේතුවෙන්.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 218 ක ලකුණු පුවරුවක් ගොඩැනැඟු අතර එහිදී නායක ෆැෆ් ඩු ප්ලෙසිස් පන්දු 39 කින් ලකුණු 54 ක් රැස්කළා. ඊට අමතරව රාජාට් පතිදර් පන්දු 23 කින් ලකුණු 41 ක්ද විරාත් කෝලි පන්දු 29 කින් ලකුණු 47 ක් වාර්තා අළ අතර කැමරන් ග්‍රීන් පන්දු 17 කින් නොදැවී ලකුණු 38 ක් රැස්කළා.

ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලැබීමට නම් චෙන්නායි කණ්ඩායමට ලකුණු 201 ක් ලබාගැනීම අනිවාර්ය වූ අතර පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 191 ක් පමණයි. චෙන්නායි කණ්ඩායම ප්ලේඕෆ්ස් වටයට රැගෙනයාම සඳහා ජඩේජා සහ දෝණි ප්‍රභල සටනක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

ඒ අනුව 2024 IPL තරඟාවලියේ ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලබාගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත්වූ අතර චෙන්නායි කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

මිචෙල් සැන්ට්නර්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙනු 39 හැවිරිදි ෆැෆ් ඩු ප්ලෙසිස් විශිෂ්ට උඩපන්දු රැකීමක නිරතවූ අතර විස්තර විචාරකයින් එය හැඳින්වූයේ තරඟාවලියේ විශිෂ්ටතම උඩපන්දු රැකීමක් ලෙසයි. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ෆැෆ් ඩු ප්ලෙසිස් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button