LPL වෙන්දේසියට ආ කණ්ඩායම් හිමිකරුවෙකු අත්අඩංගුවට.. -
News

LPL වෙන්දේසියට ආ කණ්ඩායම් හිමිකරුවෙකු අත්අඩංගුවට..

ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයෙකු අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තරඟ පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර කෙසේ වෙතත්, LPL කණ්ඩායම් හිමිකරුට එරෙහිව ඇති චෝදනා LPL හෝ වෙනත් තරඟාවලියකට සම්බන්ධද යන්න තවමත් පැහැදිලි නැති බව වාර්තා වෙනවා.

ඊයේ කොළඹ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කණ්ඩායම පැමිණ සිටියා. අත්අඩංගුවට ගත් LPL කණ්ඩායම් හිමිකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button