කෝලි ක්‍රිකට් වලින් විවේකයක් ඉල්ලයි -
All News

කෝලි ක්‍රිකට් වලින් විවේකයක් ඉල්ලයි

මෙවර IPL තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම සමත්වුවත් ඔවුන්ට එතනින් ඉදිරියට ගොස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකිවූයේ නැහැ. එලෙස RCB කණ්ඩායම මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමත් සමග විරාට් කෝලි විවේකයක් ඉල්ලා ඇති බව වාර්තා වනවා. ඒ 20-20 ලෝක කුසලානයට පෙරයි.

කෝලි විසින් මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් පරිපාලන මණ්ඩලයට (BCCI) වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් කෝලිට එම අවස්ථාව ලබාදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගය කෝලි හට අහිමි වනු ඇත. එලෙසම කෝලි , ඇමරිකාව බලා යන ඉන්දීය සංචිතය සමග පිටත් නොවනු ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button