මෙවර IPL තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා සුනිල් නරීන්.. -
IPLLeague

මෙවර IPL තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා සුනිල් නරීන්..

2024 IPL තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (26) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණා. එහීදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරමින් තෙවන වරටත් IPL ශූරයන් බවට පත්වීමට ඉන්දීය සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ගේ හිමිකාරීත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයෙන් අනතුරුව මෙවර IPL තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් සහ කණ්ඩායම්වලට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනෑමූ අතර අවසන් තරඟයේ වීරයා ලෙසින් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මිචෙල් ස්ට්‍රාක් පිදුම් ලැබුවා.

මෙවර IPL තරඟාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමිවන තැඹිලි පැහැති හිස්වැස්මේ ජයග්‍රාහකයා බවට පත්වීමට ලකුණු 741 රැස්කරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්වුණා. මෙවර IPL තරඟාවලියේ වැඩිම කඩුලුලාභියාට හිමිවන දම්පැහැති හිස්වැස්ම ජයග්‍රහණය කිරීමට කඩුලු 24 ක් දවාගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හර්ශල් පටෙල් සමත්වුණා.

මෙවර IPL තරඟාවලියේ නැඟීඑන ක්‍රීඩකයා ලෙසින් අනූශූරතාවය හිමිකරගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක නිටීශ් කුමාර් රෙඩ්ඩි සම්මාන දිනාගත්තා.

මෙවර IPL තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස කොල්කටා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සුනිල් නරීන් සම්මාන හිමිකරගත් අතර තරඟාවලියේ හොඳම ප්‍රහාරාත්මක පිතිකරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ යොවුන් පිතිකරු ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් සම්මාන හිමිකරගත්‍තා.

තරඟාවලියේ විශිෂ්ටතම උඩපන්දු රැකීම වෙනුවෙන් කොල්කටා කණ්ඩායමේ රම්නදීප් සිං සම්මාන දිනාගත්තා.

මෙවර IPL තරඟාවලියේ සම්මාන සහ ත්‍යාග හිමිවූ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් පහතින්.

Orange Cap: Virat Kohli – 741 runs (Rs 10 lakh)

Purple Cap: Harshal Patel – 24 wickets (Rs 10 lakh)

Most Valuable Player of the season: Sunil Narine (Rs 12 lakh)

Ultimate Fantasy Player of The Season: Sunil Narine

Most 4s: Travis Head (64)

Most 6s: Abhishek Sharma (42)

Striker of the season: Jake Fraser-McGurk (234.04)

Emerging Player of the season: Nitish Kumar Reddy (Rs 20 lakh)

Catch Of The Season: Ramandeep Singh

Fair Play Award: SRH

Pitch and ground award: Hyderabad Cricket Association

Runners-up award: SRH

Winners: KKR

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button