පුහුණු තරඟ වලදී ඕස්ටේලියාවට අකරතැබ්බයක්.. -
News

පුහුණු තරඟ වලදී ඕස්ටේලියාවට අකරතැබ්බයක්..

විස්සයි විස්ස ලෝක කුසලානයේ පුහුණු තරඟ හෙට දින (28) සිට ආරම්හ වන අතර ඕස්ටේලියාව මුහුණදෙන පළමු පුහුණු තරඟය අඟහරුවාදා ( හෙට ) නැමීබියාව සමඟින් පැවැත්වීමට නියමිත නමුත් මේවන විට බටහිර ඉන්දීය දූපත්වල රැඳිසිටින්නේ ක්‍රීඩකයින් නමදෙනෙක් පමණයි. ඕස්ටේලියා නායක මිච් මාර්ශ් ද සිය ආබාධයෙන් තවමත් පූර්ණ ලෙස සුවය ලබා නොමැති නිසා මෙම තරඟයේදී ඔහුගේ සහභාගීත්වයත් අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

IPL තරඟාවලිය ක්‍රීඩාකළ ඕස්ටේලියා ක්‍රීඩකයින්ට තවමත් බටහිර ඉන්දීය දූපත්වලට යාමට නොහැකි වීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී තිබෙන අතර ඕස්ටේලියානු පුහුණුකාර මණ්ඩලයේ කිහිපදෙනෙකුට ද මෙම තරඟය ක්‍රීඩාකිරීමට සිදුවන බවද වාර්තා වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button