ගාම්භීර්ට කොල්කටා ක්‍රීඩකයින්ගෙන් පැසසුම්.. -
Conference

ගාම්භීර්ට කොල්කටා ක්‍රීඩකයින්ගෙන් පැසසුම්..

2024 IPL තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණේ අවසන් මහා තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමින්.

මෙවර IPL තරඟාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්වුණේද කොල්කටා කණ්ඩායමයි. ඔවුන්ගේ මෙම සාර්ථකත්වය පිටුපස කොල්කටා කණ්ඩායමේ උපදේශකයා ලෙසින් කටයුතු කළ ගෞතම් ගාම්භීර් සිටි බව කොල්කටා ක්‍රීඩකයින් ඇතුලු බොහො දෙනා ප්‍රකාශ කළා.

සුපිරි ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් පවසා තිබුණේ ඔහු හුදෙක්ම උපදේශකයෙක් පමණක් නොවූ බවයි.

ඇන්ඩ්‍රි රසල් දැක්වූ අදහස් පහතින්..

ගෞතම් ගාම්භීර් උපදේශකයෙක්ම පමණක් නෙමෙයි. ඔහු අපේ කණ්ඩායමේ හැම අංශයකම නායකයා වුණා. අපේ සාර්ථකත්වයේ යතුර ඔහුයි. ඔහු හැම පිතිකරුවෙකුටම හැම පන්දුයවන්නෙකුටම ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට පරිසරය ගොඩනැඟුවා. සහයක මඩුල්ල හැමතිස්සෙම අපිට අවශ්‍ය දේ ලබාදුන්නා. ගෞතම් ගාම්භීර් නැවත පැමිණීම, IPL ශූරතාවය දිනාගැනීම, විශ්මිත පුහුණුකරු මඬුල්ල, ඔබට ඊටවඩා දෙයක් අවශ්‍ය නෑ. “”

එලෙසම කොල්කටා ක්‍රීඩක නිටීශ් රනාද ගාම්භීර් සිය කණ්ඩායමේ උපදේශකයා ලෙස පත්වූ විට ඔහු ගාම්භීර් හට යොමුකළ කෙටිපණිවිඩයක් පිළිබඳව සිය මතකය අවදි කර තිබුණේ මෙලෙසින්..

” ගෞතම් ගාම්භීර් අපේ කණ්ඩායමේ උපදේශකයා විදිහට පත්වුණු වෙලාවෙ මම ඔහුට වට්සැප් ඔස්සේ සුභපැතුවා. මම ඔහු වෙනුවෙන් දිග පණිවිඩයක් ලිව්වා. ඔහු මට ස්තූති කළා, නමුත් ඔහු ඒවගේම කිව්වා ඔහු සතුටුවෙනවා අපි කුසලානයක් දිනුවොත් කියලා..

අද තමයි ඒ දවස. මට ඒ පණිවිඩය කවදාවත් අමතක වෙන්නෙ නෑ..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button