හිටපු ඕස්ටේලියා ආරම්භක පිතිකරුවා ඉතාලියට.. -
All News

හිටපු ඕස්ටේලියා ආරම්භක පිතිකරුවා ඉතාලියට..

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ අරමුණින්. එලෙසම ජීවිතයෙන් සමුගත් ඔහුගේ සහෝදරයා ඇතුළු පවුලේ සැමට ගෞරවයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙනවා.

ඉතාලි කණ්ඩායමට ක්‍රීඩාකළ ජෝ බර්න්ස්ගේ සහෝදරයා වූ ඩොමිනික් මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙලොවින් සමුගත් අතර ඔහුට ගෞරවයක් ලෙස සිය සොහොයුරාගේ ජර්සි අංකය වූ අංක 85 ජර්සිය පැළඳ ඉතාලි කණ්ඩායමට ක්‍රීඩාකිරීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button