ඉන්දීය සුපිරි කඩුලු රකින්නා වසර 20 ක ක්‍රීඩා දිවියට සමුදෙයි.. -
All News

ඉන්දීය සුපිරි කඩුලු රකින්නා වසර 20 ක ක්‍රීඩා දිවියට සමුදෙයි..

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට කඩුලු රකින පිතිකරුවෙකු වූ දිනේශ් කාර්තික් සිය වසර 20 ක ක්‍රිකට් දිවිය නිමාකරමින් සියලුම තරඟ රටාවලින් සිය සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

නිමාවූ IPL තරඟාවලියෙන් පසු ඔහු IPL පිටියටද සමුදුන් අතර මෙතැන් සිට ඔහු පූර්ණ කාලීනව විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.

2004 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනිමින් ඉන්දියාව වෙනුවෙන් වසර 20 ක් ක්‍රීඩකයෙකු ලෙසින් සේවය සැපයූ දිනේශ් කාර්තික් ජාත්‍යන්තර තරඟ 180 කදී ලකුණු 3463 වාර්තා කරගෙන තිබුණා. එලෙසම IPL පිටියේදී ලකුණු 4842 ක්ද කාර්තික්ගේ පිත්තෙන් වාර්තා වී තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button