අපිට තාම හරියට ෆිනිශර් කෙනෙක් නෑ – මාවන් අතපත්තු -
Conference

අපිට තාම හරියට ෆිනිශර් කෙනෙක් නෑ – මාවන් අතපත්තු

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ විකාශණ අයිතිය හිමි Sirasa TV සමඟින් ලෝක කුසලාන තරඟාවලියට අදාළ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ අවසන් කරන්නෙකුගේ ඇති අඩුව සම්බන්ධව ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මාවත් අතපත්තු අදහස් පලකළා.

” පන්දුව ග්‍රවුන්ඩ් එකෙක් එලියට යන්න පාරක් ගහන්න පුලුවන් අය හොයාගන්න නෑනෙ. මට ඇහිලා නෑ ලංකාවෙ එහෙම නමක්. මන් හිතන්නෑ මැතිව්ස් මේ රෝල් එක ගහන්නෑ මේ වයසෙදි ඔෆ්ශන් එකක් තිබ්බනම්. අපි දන්නවා ඇන්ජලෝ මහන්සිවෙනවා එයාගෙ ෆිට්නස් තියාගන්න. හැබැයි මේ රෝල් එක ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද. එයා ෆිටස්ට්ම එක්කෙනා නෙමෙයි.

ටුවෙන්ටි ටුවෙන්ටි වල අත්දැකීම් ඕනෙම කියලා නෑ. මන් උදාහරණයක් කියන්නම් 2007 ඉන්දියාව දිනනකොට සචින්ල, ඩ්‍රාවිඩ්ල , ලක්ශමන්ල එහෙම ගියෙ නෑනෙ.

මැතිව්ස් හොඳට බෝල් කළා. බෝල් 16 කින් ලකුණු 16 ක් ගැහුව්වා අනිත් අයට වඩා හොඳට. ඒත් මන් කියන්නෙ නෑ මැතිව්ස් තමයි මැදපෙළ හොඳම කෙනා කියලා. අපිට හිටියනම් තිසර වගේ කෙනෙක් මන් එයාව දානවා. අපි එයාව හරියට පාවිච්චි කලේ නෑ පහුගිය කාලෙම. අපි අන්තිමට එයාව නැතිකරගත්තා.

ලෝක කුසලාන කියන ඒවා අහසින් කඩාගෙන වැටුන්නෑනෙ. අපී මේවා එන බව දන්නවනම් ප්ලෑන් එකක් තියෙන්නෝනෙ.”

යනුවෙන් මාවත් අතපත්තු සිය අදහස පළකළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button