උණුසුම් තරඟයකින් පසු පාකිස්තානයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්.. -
Match Results

උණුසුම් තරඟයකින් පසු පාකිස්තානයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්..

( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ සියල්ලන්ගේම අවධානය දිනාගත් තරඟය ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුණේ (09) නිව්යෝර්ක්හි Nassau country ක්‍රීඩාංගණයේදී. එහිදී උණුසුම් තරඟයකින් අනතුරුව ලකුණු 06 ක තියුණු ජයක් හිමිකරගනිමින් මෙවර ලෝක කුසලානයේ සිය දෙවන ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණා.

පිතිකරණයට අසීරු තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 119 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රිශාබ් පාන්ට් පන්දු 31 කින් ලකුණු 42 ක් රැස්කළා. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ නශීම් ෂා සහ හරීස් රවුෆ් ලකුණු 21 කට කඩුලු 03 න බැඟින් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය එක් අවස්තාවකදී ලකුණු 80 කට කට කඩුලු 03 ක් පමණක් දැවී ප්‍රභල තත්ත්වයක පසුවුවත් පාකිස්තාන ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ රිස්වාන් දවාගනිමින් ජස්ප්‍රිට් බුම්රා තරඟය ඉන්දියාව දෙසට නතුකරා. ඉන් අනතුරුව තරඟයට අවතීර්ණ වූ ඉන්දීය පන්දුයවන්නන් පන්දුවාර 20 අවසානයේ පාකිස්තානයට ලබාදුන්නේ ලකුණු 113 ක් පමණයි. ඉන්දීයාව ජයග්‍රහණය කරා රැගෙන යමින් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ජස්ප්‍රිට් බුම්රා සිය පන්දුවාර 04 තුළ ලකුණු 14 කට කඩුලු 03 ක් බිඳදැමුවා. ( ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුයැවීම පහතින් නැරඹිය හැකියි )

ජස්ප්‍රිට් බුම්රාගේ සුපිරි පන්දුයැවීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button