පරාජයෙන් අනතුරුව කදුළු සලමින් සංවේදී වූ නශීම් ශා.. -
Video

පරාජයෙන් අනතුරුව කදුළු සලමින් සංවේදී වූ නශීම් ශා..

( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ සියල්ලන්ගේම අවධානය දිනාගත් තරඟය ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුණේ (09) නිව්යෝර්ක්හි Nassau country ක්‍රීඩාංගණයේදී. එහිදී උණුසුම් තරඟයකින් අනතුරුව ලකුණු 06 ක තියුණු ජයක් හිමිකරගනිමින් මෙවර ලෝක කුසලානයේ සිය දෙවන ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණා.

පිතිකරණයට අසීරු තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 119 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රිශාබ් පාන්ට් පන්දු 31 කින් ලකුණු 42 ක් රැස්කළා. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ නශීම් ෂා සහ හරීස් රවුෆ් ලකුණු 21 කට කඩුලු 03 න බැඟින් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය එක් අවස්තාවකදී ලකුණු 80 කට කට කඩුලු 03 ක් පමණක් දැවී ප්‍රභල තත්ත්වයක පසුවුවත් පාකිස්තාන ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ රිස්වාන් දවාගනිමින් ජස්ප්‍රිට් බුම්රා තරඟය ඉන්දියාව දෙසට නතුකරා. ඉන් අනතුරුව තරඟයට අවතීර්ණ වූ ඉන්දීය පන්දුයවන්නන් පන්දුවාර 20 අවසානයේ පාකිස්තානයට ලබාදුන්නේ ලකුණු 113 ක් පමණයි. තරඟයේ අවසන් පන්දුවාරයේදී හතරේ පහර දෙකක් එල්ලකරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙනයාමට නශීම් ශා උත්සහ කළත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නෑ.

පරාජයෙන් අනතුරුව නශීම් ශා කදුළු සලමින් ක්‍රීඩාගරය වෙත ගමන් කරන ආකරය බොහෝ දෙනාගෙ අවධානයට ලක්වී තිබුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

වීඩියෝ දර්ශණ පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button