ම්‍රාකම් රැකගත් සුපිරි උඩපන්දුව දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙයි.. -
Match Results

ම්‍රාකම් රැකගත් සුපිරි උඩපන්දුව දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙයි..

( වීඩියෝව පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරඟය Nassau country ක්‍රීඩාංගණයේ අද පැවැත්වුණා. එහිදී තියුණු තරඟයකින් අනතුරුව අවසන් මොහොතේ ජය වාර්තා කරමින් මෙවර ලෝක කුසලානයේ තෙවන ජයත් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

පිතිකරණයට අසීරු තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 113 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ හෙන්රිච් ක්ලාසන් ලකුණු 46 ක් රැස්කළා. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ටැන්සිම් හසන් ශකීබ් ලකුණු 18 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

ලකුණු 114 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශය කණ්ඩායම එක් අවස්තාවක ලකුණු 94 කට කඩුලු 04 ක් පමණක් දැවී ප්‍රභල තත්ත්වයක පසුවුණත් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූ තව්හිඩ් රිදෝයි දවාගනිමින් තරඟය දකුණු අප්‍රිකාව වෙතට ගෙන ඒමට කාගීසෝ රබාඩා සමත්වුණා.

අවසන් පන්දු දෙක තුළදී බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු හයක් අවශ්‍ය වූ අතර කෙශව් මහරාජ් යොමුකළ 20 වන පන්දුවාරයේ පස්වන පන්දුවට මහමදුල්ලාහ් දැවැන්ත පහරක් එල්ල කළ අතර හයේ සීමාව අසළදී නායක එයිඩ්න් මාර්ක්රම් එය විශිෂ්ට ලෙස රැකගනිමින් තරඟයේ ජය දකුණු අප්‍රිකාවට රැගෙන ආවා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

හයේ සීමාව අසළදී මාක්‍රම් රැකගත් සුපිරි උඩපන්දු ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button