ප්‍රභල ඉන්දියාවට එරෙහිව ඇමෙරිකාවෙන් තරඟකාරී ලකුණු පුවරුවක්.. -
Video

ප්‍රභල ඉන්දියාවට එරෙහිව ඇමෙරිකාවෙන් තරඟකාරී ලකුණු පුවරුවක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරඟය මේවනවිට Nassau country ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රොහිට් ශර්මා පළමුව පන්දුවට පහරදීමට ඇමෙරිකා කණ්ඩායමට ආරාධනා කළ අතර පිතිකරණයට අසීරු තණතීරුවේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 110 ක් රැස්කිරීමට ඇමෙරිකාව සමත්වුණා. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ අර්ශ්දීප් සිං ලකුණු 09 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

ඇමෙරිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිටීශ් කුමාර් පන්දු 23 කින් ලකුණු 27 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම නිමාකිරීම වෙනුවෙන් හයේ සීමාව අසළ සුපිරි උඩපන්දු රැකීමක නිරතවීමට මොහොමඩ් සිරාජ් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

සිරාජ් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button