මෙවර ලෝක කුසලානයේ හොඳම ඉනිම නිකලස් පූරන්ගෙන්.. -
Match Results

මෙවර ලෝක කුසලානයේ හොඳම ඉනිම නිකලස් පූරන්ගෙන්..

( වීඩියෝ පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ අවසන් තරඟය ඇෆ්ගනිස්තානය සහ කොදෙව්වන් අතර අද පැවැත්වුණු අතර ලකුණු 104 ක දැවැන්ත ජයක් වාර්තාකරමින් මූලික වටයේ මුහුණදුන් තරඟ හතරම ජයගැනීමට කොදෙව්වන් සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 218 ක ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර එය මෙවර ලෝක කුසලානයේ මෙතෙක් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වුණා.

කොදෙව් ඉනිම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරතවූ නිකලස් පූරන් හතරේ පහර 06 ක් සහ හයේ පහර 08 ක් සමඟින් පන්දු 53 කදී ලකුණු 98 ක් රැස්කළ අතර ශතකය අභියස අවාසනාවන්ත ලෙස ඔහු දුවද්දී දැවීයාමකට ලක්වුණා. ( පූරන් දියත්කළ විශිෂ්ට ඉනිම පහතින් නැරඹිය හැකියි )

මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩකයෙක් මෙතෙක් වාර්තා කළ හොඳම ඉනිම මෙය වන අතර අස්මතුල්ලාහ් ඔමර්සායි යොමුකළ කොදෙව් ඉනිමේ සිව්වන පන්දුවාරය තුළ අතිරේක ලකුණුද සමඟින් ලකුණු 36 ක් ලබාගැනීම පූරන් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 114 ක් පමණයි. ඒ අනුව කොදෙව්වන්ට ලකුණු 104 ක දැවැන්ත ජයක් හිමිවුණා.

නිකලස් පූරන් දියත්කළ අනර්ඝ ඉනිම ( වීඩියෝ දර්ශණ )

නිකලස් පූරන් ලකුණු 36 ක් ලබාගත් ඔමර්සායිගේ පන්දුවාරය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button