අපරාජිත කොදෙව්වන් පරදමින් එංගලන්තය සුපිරි අට වටය ජයග්‍රාහීව අරඹයි.. -
Match Results

අපරාජිත කොදෙව්වන් පරදමින් එංගලන්තය සුපිරි අට වටය ජයග්‍රාහීව අරඹයි..

( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ සුපිරි අට අටයේ Group 2 කාණ්ඩයේ පළමු තරඟය අද එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වුණා. එහිදී කඩුලු 08 ක ජයක් වාර්තා කරමින් සුපිරි අට වටය ජයග්‍රාහීව ආරම්භ කිරීමට එංගලන්තය සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 කට ලකුණු 180 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජොන්සන් චාර්ල්ස් ලකුණු 38 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17 යි පන්දු 03 කින් හඹාගියේ පිල් සෝල්ට් සහ ජොනී බ්‍රේස්ට්‍රෝව්ගේ නොබිදුණු විශිෂ්ට සබඳතාවයත් සමඟින්. සුපිරි ඉනිමක් දියත්කළ පිල් සෝල්ට් පන්දු 47 කින් නොදැවී ලකුණු 87* ක් රැස්කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ බ්‍රේස්ට්‍රෝව් පන්දු 26 කින් නොදැවී ලකුණු 48* ක් රැස්කළා. ඒ අනුව කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.

රොමාරියෝ ශෙෆර්ඩ් යොමුකළ එංගලන්ත ඉනිමේ 16 වන පන්දුවාරය තුළ හයේ පහර 03 ක් හතරේ පහර 03 ක් සමඟින් ලකුණු 30 උඳුරාගැනීමට පිල් සෝල්ට් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

පිල් සෝල්ට් මුහුණදුන් රොමාරියෝ ශෙෆර්ඩ් යොමුකළ එංගලන්ත ඉනිමේ 16 වන පන්දුවාරය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button