එංගලන්තය අවසන් පූර්ව වටයට.. -
Match Results

එංගලන්තය අවසන් පූර්ව වටයට..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරඟය අද පැවැත්වුණු අතර කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් USA කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 115 ක් පමණයි. එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් ලකුණු 10 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 09 යි පන්දු 04 කදී එම ඉලක්කය පහසුවෙන් හඹායමින් ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක්ද සමඟින් අවසන් පූර්ව වටයේ සිය ස්තානය වෙන්කර ගැනීමට සමත්වුණා. ඒ අනුව ඇමෙරිකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

එංගලන්තය වෙනුවෙන් සුපිරි ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ නායක ජෝස් බට්ලර් පන්දු 38 කින් නොදැවී ලකුණු 83 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 7 ක් සමඟින්. හර්මීට් සිං යොමුකළ එංගලන්ත ඉනිමේ 09 වන පන්දුවාරයේදී පිට පිට හයේ පහර පහක් එල්ල කිරීමටද බට්ලර් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

හර්මීට් සිංට එරෙහිව බට්ලර් එල්ල කළ දැවැන්ත හයේ පහරවල් පහ ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button