අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකාවට ලකුණු 136 ක ඉලක්කයක්.. -
Video

අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකාවට ලකුණු 136 ක ඉලක්කයක්..

( වීඩියෝව පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තීරණාත්මක තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 135 -8 කට සීමාකිරීමට තබ්රේස් ශැම්සි ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රොස්ටන් චේස් ලකුණු 52 ක් රැස්කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ තබ්රේස් ශැම්සි ලකුණු 27 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

තරඟය අතරතුර පන්දුවක් රැකගැනීමට යාමේදී කාගීසෝ රබාඩා සහ මාර්කෝ යැන්සන් දරුණු ගැටීමකට ලක්වුණු අතර මාර්කෝ යැන්සන් හට මොහොතකට ක්‍රීඩාපිටියෙන් ඉවත්වීමටද සිදුවුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රබාඩා සහ යැන්සන් මුහුණ පෑ දරුණු අනතුර ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button