ඉන්දු – දකුණු අප්‍රිකා අවසන් මහා සටනට සියල්ල සූදානම්.. -
News

ඉන්දු – දකුණු අප්‍රිකා අවසන් මහා සටනට සියල්ල සූදානම්..

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාර්බඩොස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00 ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් පවතිනවා.

මීට පෙර 2007 සහ 2014 වසරවලදී ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟවලට සුදුසුකම් ලැබූ අතර 2007 වසරේදී ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ අනුව මෙවර ඉන්දීය කණ්ඩායම අවසන් සටනට පිවිසෙන්නේ දෙවන වරටත් විස්සයි විස්ස ලෝක ශූරයන් වීමේ අරමුණෙන්…

දකුණු අප්‍රිකාව ඉතිහාසයේ පළමු වරට ලෝක කුසාලානයක අවසන් මහා තරඟයකට මෙවර සුදුසුකම් ලැබූ අතර ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක පහස විඳගැනීමේ අරමුණෙන් ඔවුන් අද තරඟ බිමට පිවිසෙනු ඇත.

ඉන්දීය කණ්ඩායම රොහිට් ශර්මා විසින් මෙහෙයවන අතර දකුණු අප්‍රිකාව කණ්ඩායම එයිඩ්න් මාර්ක්රම්ගේ නායකත්වයෙන් ක්‍රීඩාකරන අතර කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ අපරාජිතව වීම විශේශත්වයක්.

අවසන් මහා තරඟයේ විනිසුරුවන් ලෙසින් ක්‍රිස් ගැෆ්නි සහ රිචඩ් එලිංග්වර්ත් කටයුතු කරන අතර තෙවන විනිසුරු ලෙසින් රිචඩ් කැට්ට්‍රෙබර්ග් කටයුතු කරනවා.

තරඟයට වර්ශාව හරස් වුවහොත් අමතර දිනයක් වෙන්කර ඇති අතර එම දිනයේදීද වර්ශාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙස නම්කිරීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button