මෙවර LPL තරඟාවලියේ සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න. -
LeagueLPL

මෙවර LPL තරඟාවලියේ සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.

5 වන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 1 වන දින සිට ජූලි 21 වන දින තෙක් පැවැත්වෙන අතර, මෙවරත් කණ්ඩායම් 5කින් තරඟාවලිය පැවැත්වෙයි.

ගාල්ල මාවලර්ස්, කැන්ඩි ෆැල්කොන්ස්, කලම්බෝ ස්ට්‍රයිකර්ස්, දඹුල්ල සික්සර්ස් හා ජැෆ්නා කින්ග්ස් මෙවර තරඟ කරන කණ්ඩායම් 5 වන අතර, එම කණ්ඩායම් මෙහෙයවන්නේ පිළිවෙලින් නිරෝශන් දික්වැල්ල , වනිඳු හසරංග , තිසර පෙරේරා, මොහොමඩ් නබී, හා චරිත් අසලංකයි.

මෙවර තරඟාවලියේ දේශීය විකාශන අයිතිය Monara TV ලබාගෙන තිබෙන අතර, Monara TV යූටියුබ් නාළිකාව ඔස්සේද සියලුම දෙනාට තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියි.

ඩයලොග් TV හා Peo Tv පාරිභෝගිකයින් හට Star Sports 2 නාළිකාව ඔස්සේ නැරඹිය හැකි අතර, Papare TV ඔස්සේ ද තරඟාවලිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඊට අමතරව , Papare cricket වෙබ්අඩවිය, PeoMobile App එක හා Dialog Viu ඇප් එක හරහා ද තරඟාවලිය නැරඹීමට හැකියාව තිබෙනවා..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button