ගාල්ලට එරෙහිව යාපනයට තියුණු ජයක්.. -
LeagueLPL

ගාල්ලට එරෙහිව යාපනයට තියුණු ජයක්..

මෙවර LPL තරඟාවලියේ හයවන තරඟය අද (05) ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර රංගිලි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 05 ක ජයක් වාර්තා කරමින් තරඟාවලියේ දෙවන ජය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. මෙම ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 187 ක් රැස්කළ අතර ගෝල් මාර්වල්ස් ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සුපිරි ඉනිමක් දියත්කළ ටිම් ශෙයිෆර්ට් මෙවර LPL තරඟාවලියේ දෙවන ශතකය තමන් සතු කරගනිමින් පන්දු 63 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 06 ක් සමඟින් නොදැවී ලකුණු 104* ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී තියුණු තරඟයකින් අනතුරුව සිය ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළ. ජැෆ්නා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රයිලි රූසොව් පන්දු 42 කින් ලකුණු 67 ක් වාර්තා කළ අතර වේගවත් ඉනිමක් දියත්කරමින් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අස්මතුල්ලාහ් ඔමර්සායි පන්දු 13 කින් වේගවත් ලකුණු 35* ක් රැස්කළා. ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අස්මතුල්ලාහ් ඔමර්සායි තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button