LPL නීති කැඩූ වනිඳුට සහ බිනුරට දඩ.. -
LeagueLPL

LPL නීති කැඩූ වනිඳුට සහ බිනුරට දඩ..

මෙවර LPL තරඟාවලියේ ජූලි 02 වෙනිදා පැවති Colombo Strikers සහ Kandy Falcons අතර තරඟයේදී ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් Colombo Strikers වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට තරඟ ගාස්තුවෙන් 20% ක දඩයක් සහ දඬුවම් ලකුණක් පනවා තිබෙනවා.

එලෙසම බිනුර විනිසුරුවන්ගේ උපදෙස් වලට අවනත නොවීම හේතුවෙන් LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය උල්ලංඝනය කර තිබෙන බවට එල්ලවූ චෝදනා ද පරීක්ෂණයේදී ඔහු පිළිගෙන තිබෙනවා. මේ අතර එම තරඟයේදීම LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්ද බිනුර ප්‍රනාන්දුට තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක්ද අයකර තිබෙනවා.

මේ අතර එම තරඟයේදීම LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි කඩකිරීම හේතුවෙන් Kandy Falcons කණ්ඩායමේ නායක වනිඳු හසරංගටත් තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button