චමිඳු වික්‍රමසිංහගේ තුන්ඉරියව් දක්ශතා සමඟින් දඹුල්ලට දෙවන ජය.. -
LeagueLPL

චමිඳු වික්‍රමසිංහගේ තුන්ඉරියව් දක්ශතා සමඟින් දඹුල්ලට දෙවන ජය..

( වීඩියෝව පහතින් ) මෙවර LPL තරඟාවලියේ 12 වන තරඟය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර ඊයේ ( 09 ) පැවැත්වුණු අතර ලකුණු 25 ක ජයක් වාර්තා කරමින් තරඟාවලියේ දෙවන ජය තහවුරු කරගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 160 ක් රැස්කළ අතර අනෙකුත් සියලු පිතිකරුවන් අසාර්ථක වූ මොහොතක සටන්කාමී ඉනිමක් දියත්කරමින් යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පන්දු 34 කදී නොදැවී ලකුණු 56* ක් වාර්තා කළා. සහූර් ඛාන් යොමුකළ දඹුල්ල ඉනිමේ අවසන් පන්දුවාරයේ හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමඟින් ලකුණු 24 ක් ලබාගැනීමට චමිඳු සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )
පන්දුයැවීමේදී ගෝල් මාර්වල්ස් කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක කවිඳු නදීශාන් ලකුණු 16 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් මාර්වල්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු හතරක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත්කළ ඉසුරු උදාන පන්දු 38 කින් වේගවත් ලකුණු 72 ක් රැස්කළත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නෑ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී දුශාන් හේමන්ත ලකුණු 33 කට කඩුලු 03 ක් සහ නුවන් තුශාර ලකුණු 37 කට කඩුලු තුනක් බිඳදැමුවා. එලෙසම තරඟයේ අවසන් පන්දුවාරය යොමුකළ චමිඳු වික්‍රමසිංහ එක ලකුණකට කඩුලු 02 ක් බිඳදැමීමට සමත්වුණා. තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා.

සහූර් ඛාන්ට එරෙහිව චමිඳු එල්ලකළ ප්‍රහාරාත්මක පිතිහරඹය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button