ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග තීරණයක් ගනී.

දසුන් ශානකගෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දැරූ වනිඳු හසරංග, නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා.
තමා නායකත්වයෙන් ඉවත්වී, ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ දායකත්වය දැවීමට කටයුතු කරන ලෙස වනිඳු හසරංග පවසා ඇති අතර, මීලඟ නායකයා හට උපරිම සහයෝගය ලබාදීමට ද තමන් සූදානම් බවද පවසා තිබෙනවා.
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ලද අමිහිරි පරාජයත් සමඟින් ඔහුට දැඩි ලෙස චෝදනා එල්ල වුණා.
වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 10කට නායකත්වය දැරූ අතර ඉන් තරඟ 6ක් ජයග්‍රහණය කර තරඟ 4ක් පරාජයට පත්වීමට සිදුවුණා. තරඟ ජයග්‍රහණය කර ඇත්තේ සිම්බාබ්වේ , ඇෆ්ගනිස්තානය , බංග්ලාදේශය හා නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි.
ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරඟ 3ක් හා එක්දින තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව විස්සයි විස්ස නායකයෙකු සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.