LPL දක්ශයින් රැසක් කණ්ඩායමට කැඳවමින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්.. -
Video

LPL දක්ශයින් රැසක් කණ්ඩායමට කැඳවමින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්..

ඉන්දියාවට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා..

පසුගියදා වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්වීමත් සමඟින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිවී තිබෙන අතර නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉවත්කරමින් LPL තරඟාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කණ්ඩායමට කැඳවා තිබීම විශේශත්වයක්.

LPL තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා, දිනේශ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට කැඳවා තිබෙනවා. එලෙසම මෙවර LPL තරඟාවලියේ තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහවද පළමු වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙන අතර LPL තරඟාවලියේදී පන්දුයවන්නෙකු ලෙසින් සාර්ථක වූ බිනුර ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්තානය හිමිවී තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය

  • චරිත් අසලංක ( C )
  • පැතුම් නිශ්ශංක
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් ජනිත් පෙරේරා
  • කමිඳු මෙන්ඩිස්
  • දසුන් ශානක
  • දිනේශ් චන්දිමාල්
  • වනිඳු හසරංග
  • මහීශ් තීක්ශණ
  • මතීශ පතිරණ
  • දුශ්මන්ත චමීර
  • අවිශ්ක ප්‍රනාන්දු
  • චමිඳු වික්‍රමසිංහ
  • දුනිත් වෙල්ලාලගේ
  • නුවන් තුශාර
  • බිනුර ප්‍රනාන්දු

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button