චමරි අතපත්තුගෙන් වාර්තාගත ඉනිමක්.. ශ්‍රී ලංකාව පිට පිට දෙවන ජයත් වාර්තා කරයි.. -
Match Results

චමරි අතපත්තුගෙන් වාර්තාගත ඉනිමක්.. ශ්‍රී ලංකාව පිට පිට දෙවන ජයත් වාර්තා කරයි..

( වීඩියෝව පහතින් ) මෙවර කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවන තරඟය අද මැලේසියාවට එරෙහිව පැවැත්වුණා. එහීදී පහසු ජයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පිට පිට දෙවන ජයත් වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 184 ක් රැස්කළා. එහිදී වාර්තාගත ඉනිමක් දියත්කරමින් සිය තෙවන විස්සයි විස්ස ශතකයද සමඟින් පන්දු 69 කින් නොදැවී ලකුණු 119* වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්වුණා. ( චමරි අතපත්තු ශතකය වාර්තා කළ අවස්තාව පහතින් නැරඹිය හැකියි )

මෙම ඉනිමත් සමඟින් වාර්තා රැසක් අලුත් කිරීමට ඇය සමත්වුණා.. ( ඇය අලුත් කළ වාර්තා සියල්ල මෙන්න )

  • කාන්තා ආසියානු කුසලාන තරඟාවලියක ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව.
  • විස්සයි විස්ස පිටියේ සිය හොඳම පෞද්ගලික ඉනිම (119*)
  • විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ සිය තෙවන ශතකය.
  • ආසියානු කුසලානයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම ඉනිම.
  • විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලකුණු 2500 යේ සීමාව පසුකළ තුන්වන නායකයා.

දැවැන්ත හයේ පහරකින් චමරි ශතකය ලබාගත් අවස්තාව ( වීඩියෝ දර්ශණ )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මැලේසියා කාන්තා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 40 ක් පමණයි. ඒ අනුව ලකුණු 144 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරඟාවලියේ පිට පිට දෙවන ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button