තරඟාවලිය ආරම්භයටත් පෙර ප්‍රධාන වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි.. -
News

තරඟාවලිය ආරම්භයටත් පෙර ප්‍රධාන වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි..

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය කළා.

මෙම සංචිතයට ඇතුළත් වූ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරට ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව තරඟාවලිය අහිමිවන බව වාර්තා වෙනවා. අද ශ්‍රී ලංකා තේරීම් කමිටු සහාපති උපුල් තරංග සහ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහභාගී වූ මාධ්‍ය හමුවේද උපුල් තරංග පවසා සිටියේ දුශ්මන්ත චමීරට ඉන්දීය තරඟාවලිය අහිමි වනු ඇති බවයි.

ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් ලෝක කුසලානය සංචිතයේ රැඳීසිටි මෙරට ප්‍රධානම වේගපන්දු යවන්නෙක් වන දිල්ශාන් මදුසංකට මෙම අවස්තාවේදීද කණ්ඩායමේ අවස්තාවක් හිමිනොවීම විශේශත්වයක්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button