ඇන්ජි අපේ සැලසුම්වල නෑ.. භානුක ගැන ඉදිරියේදි බලනවා – තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග -
Conference

ඇන්ජි අපේ සැලසුම්වල නෑ.. භානුක ගැන ඉදිරියේදි බලනවා – තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය සහ තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග සහභාගී වූ මාධ්‍ය හමුවක් ඊයේ (24) පැවැත්වුණු අතර එළඹෙන ඉන්දීය තරඟාවලියේ සූදානම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව ඔවුන් මාධ්‍යට දැනුම් දුන්නා.

එහීදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් උපුල් තරංග දැක්වූ අදහස් පහතින්..

” අපි ඇන්ජිත් එක්ක කතාකළා.. පහුගිය වර්ල්ඩ් කප් එකට තමා ඔහු අපේ ප්ලෑන්වල හිටියෙ. ඔහු අපේ ඊළඟට එන වර්ල්ඩ් කප් එකේ ප්ලෑන් වල නෑ. ඒක හින්දා තමයි අපි ඔහුව මේ තරඟාවලියට පික් කළේ නැත්තෙ. ඔහු ආවට පස්සෙ ක්‍රීඩාකළ තරඟාවලි කිහිපය හොඳින් ක්‍රීඩාකළා. ඒ වගේම LPL එකෙත් ඔහු හොඳින් ක්‍රීඩාකළා ෆිනිශර් කෙනෙක් විදිහට. ඒත් අපිට ෆියුචර් එකත් බලන්නෝනෙ. ඕල්රවුන්ඩර් විදිහට ලොකු හිඩැසක් තියෙනවා එතන. ඒකනිසා නවක ක්‍රීඩකයො කිහිපදෙනෙක් අපේ ඔලුවෙ ඉන්නවා. දැන් තමයි ඔවුන්ට අවස්තාව දීල ඊලඟ වර්ල්ඩ් කප් එකට සූදානම් කරන්න.

අපේ ආරම්භක පිතිකරුවන් දෙන්න විදිහට ක්‍රීඩාකළේ පැතුම් නිශ්ශංක , කුසල් මෙන්ඩිස්.. දැනට අපේ ප්ලෑන් එක තියෙන්නෙ ආරම්භක පිතිකරුවන් විදිහට ඔවුන් දෙදෙනාම යොදාගන්න.. චන්දිමාල් හෝ කුසල් ජනිත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නොම්බර 03 ස්තානය ක්‍රීඩාකරාවි.. චමිඳු වික්‍රමසිංහට සමහරවිට අවස්තාවක් ලැබෙයි. ඒක දැන්ම හරියට කියන්න බෑ..

භානුක රාජපක්ෂත් තවමත් අපේ ප්ලෑන්ස්වල ඉන්නවා.. ඔහුව අමතක කරලා නෑ අපි. අපි ඔහුව ඉදිරියට බලනවා අනිවාර්යයෙන්ම..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button