තවත් ප්‍රධාන වේගපන්දු යවන්නෙක් තරඟාවලියෙන් ඉවතට.. -
News

තවත් ප්‍රධාන වේගපන්දු යවන්නෙක් තරඟාවලියෙන් ඉවතට..

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය කළා.

මෙම සංචිතයට නම්කළ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක්ට ආබාධ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. දුශ්මන්ත චමීර සිය අබාධ තත්ත්වයෙන් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොතිබීම හේතුවෙන් ඔහුට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට නම්කෙරුණා. එලෙසම ඊයේ පැවති පන්දුරැකීමේ පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් ඇඟිල්ලක් කැඩීයාම හේතුවෙන් නුවන් තුශාරටද තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ බව අද වාර්තා වුණා. ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුසංක සංචිතයට කැඳවා තිබෙනවා.

වෙනස්කම් වලින් අනතුරුව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය පහතින්..

  • චරිත් අසලංක ( C )
  • පැතුම් නිශ්ශංක
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් ජනිත් පෙරේරා
  • කමිඳු මෙන්ඩිස්
  • දසුන් ශානක
  • දිනේශ් චන්දිමාල්
  • වනිඳු හසරංග
  • මහීශ් තීක්ශණ
  • මතීශ පතිරණ
  • අසිත ප්‍රනාන්දු
  • අවිශ්ක ප්‍රනාන්දු
  • චමිඳු වික්‍රමසිංහ
  • දුනිත් වෙල්ලාලගේ
  • දිල්ශාන් මදුසංක
  • බිනුර ප්‍රනාන්දු

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button