තවත් වේගපන්දු යවන්නෙකුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක.. -
News

තවත් වේගපන්දු යවන්නෙකුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක..

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය කළා.

මෙම සංචිතයට නම්කළ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක්ට ආබාධ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. දුශ්මන්ත චමීර සිය අබාධ තත්ත්වයෙන් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොතිබීම හේතුවෙන් ඔහුට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට නම්කෙරුණා. එලෙසම පන්දුරැකීමේ පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් ඇඟිල්ලක් කැඩීයාම හේතුවෙන් නුවන් තුශාරටද තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුසංක ශ්‍රී ලංකා සංචිතයට නම්කළා.

එලෙසම ශ්‍රී ලංකා මූලික සංචිතයට නම්කළ තවත් වේගපන්දු යවන්නෙකු වූ බිනුර ප්‍රනාන්දු හටද උණ රෝගය වැළඳීම හේතුවෙන් තරඟාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බව අද වාර්තා වුණා. ඒ අනුව ඔහුට ආදේශකයක් ලෙස තුන් ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක රමේශ් මෙන්ඩිස් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

ඉන්දීය – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය හෙට (27) රාත්‍රි 07.00 ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button