ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරඟාවලි පරාජයක්.. -
Match Results

ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරඟාවලි පරාජයක්..

ඉන්දියාවට එරෙහිව තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන තරඟය ඊයේ (30) පැවැත්වුණු අතර උණුසුම් තරඟයකින් අනතුරුව තරඟයේ ලකුණු සමවීමෙන් පසු සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කරමින් තරඟ 3-0 ක පූර්ණ විස්සයි විස්ස තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සූර්යකුමාර් යාදව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 137 ක් රැස්කළා. සාර්ථක පන්දුයැවීමක නිරතවූ මහීශ් තීක්ශණ ලකුණු 28 ට කඩුලු 03 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත්තත් සුපිරුදු පරිදි මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමටද ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 ක් පමණයි.

පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සබඳතාවයක් පිහිටවූ අතර මෙම සබඳතාවයත් සමඟින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000+ සේ සීමාව පසුකළ පළමු පිතිකරු යුගලය ලෙසයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 46 ක් වාර්තා කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 26 ක් වාර්තා කළා. මෙම ඉනිමත් සමඟින් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්වුණේ ඉන්දියාවට එරෙහිව තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙසයි. ඒ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමඟින් සමතැන් ගනිමින්.

ඉන්දියාවට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ලාභීන්..

  • පැතුම් නිශ්ශංක | 137 Runs ( 2024 )
  • කුමාර් සංගක්කාර | 137 Runs ( 2009 )

මෙම තරඟයේදී ද නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවීගිය අතර ඔහු වාර්තා අතරට එක්වුණේ ද්වීපාර්ශ්වික විස්සයි විස්ස තරඟාවලියක් තුළ වැඩිම වතාවක් ලකුණු නොලබා දැවීගිය නායකයා ලෙසයි. ඒ හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග හා සමතැන් ගනිමින්.

Most Ducks scored by Sri Lankan captain in a bilateral T20 series.

  • Lasith Malinga (2 ducks) vs India in 2019
  • Charith Asalanka (2 ducks) vs India in 2024

තරඟයේ ලකුණු සමවීමෙන් අනතුරුව සුපිරි පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායම පහසු ජයක් වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායම තරඟයේ ජය වාර්තා කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button