ක්‍රීඩකයින්ට හූ කියන්නෙපා.. ඔවුන්ට ධෛර්යක් වෙන්න – ලසිත් මාලිංග -
Conference

ක්‍රීඩකයින්ට හූ කියන්නෙපා.. ඔවුන්ට ධෛර්යක් වෙන්න – ලසිත් මාලිංග

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සහ දිගින් දිගටම ලබන පරාජයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ශකයින්ගෙන් දැඩි විවේචන එල්ලවන පසුබිමක හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ෆේස්බුක් Live පැමිණ ක්‍රීඩකයින්ට ධෛර්යක් වෙන ලෙස ප්‍රේක්ශකයින්ගෙන් ඉල්ලා සිටියා. එලෙසම හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයකටද මාලිංග පිළිතුරු ලබාදුන්නා.

එක හූවක් කිව්වම ඒ හූවට තව හූ දාහක් කියන්න කට්ටිය එකතුවෙනවා. හැබැයි අපිට පුලුවන්නම් අත්පුඩියක් ගහලා මේ ක්‍රීඩකයින්ට හෙට ඉඳන් ධෛර්යක් වෙන්න ඔවුන් තව අවුරුදු තුන හතරක් යනකොට ලොකු ජයග්‍රහණ ලබාගනීවි.

මුරලි අයියත් කියලා තිබ්බා මේ ක්‍රිකට් හදන්න බෑ කියලා. අපිට හදන්න බෑ කියලා බෑ කියන තැනම හිටියොත් අපේ ක්‍රිකට් අපිට කවදාවත් හදන්න වෙන්නෙ නෑ.

යනුවෙන් මාලිංග ප්‍රකාශ කර සිටියා.

ලසිත් මාලිංග ෆේස්බුක් Live පැමිණ සඳහන් කළ ප්‍රකාශය පහතින් ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button