ටෙස්ට් නායක දනංජය ඇතුළු ක්‍රීඩකයින් හත් දෙනෙක් වේලාසනම එංගලන්තයට.. -
News

ටෙස්ට් නායක දනංජය ඇතුළු ක්‍රීඩකයින් හත් දෙනෙක් වේලාසනම එංගලන්තයට..

එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සූදානම් වීමේ සහ පුහුණුවීම්වල නිරතවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයින් 07 ත් දෙනෙක් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේවනවිට එංගලන්තය බලා පිටත්ව ගිය ක්‍රීඩකයින්.

  • දනංජය ද සිල්වා ( නායක )
  • දිමුත් කරුණාරත්න
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල්
  • ප්‍රභාත් ජයසූරිය
  • කසුන් රාජිත
  • ලහිරු කුමාර

මේවනවිට ඉන්දියාවට එරෙහිව එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් අගෝස්තු 07 වන දින පැවැත්වෙන තෙවන එක්දින තරඟය නිමාවීමෙන් අනතුරුව එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button