ජෙෆ්‍ර්රි වැන්ඩර්සේගේ වාර්තාගත පන්දුයැවීමත් සමඟින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. -
Records

ජෙෆ්‍ර්රි වැන්ඩර්සේගේ වාර්තාගත පන්දුයැවීමත් සමඟින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය ලකුණු සමවී නිමාවීමෙන් පසුව ඊයේ (04) පැවතී දෙවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගනිමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 240 ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා, කමිඳු මෙන්ඩිස් ලකුණු 40 බැඟින් වාර්තාකළ අතර, දුනිත් වෙල්ලාලගේ පන්දු 35 කදී ලකුණු 39 ක් ලබාගැනීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පලමු කඩුල්ල සඳහා ලකුණු 97 ක සබඳතාවක් ගොඩනැගූ නමුත්, ජෙෆ්රි වැන්ඩසේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 06 ම ලකුණු 147 ක් තුළ දැවීගියා.

ජෙෆ්රි වැන්ඩසේගේ මෙම විශිෂ්ඨ පන්දු පන්දු යැවීම, වාර්තා අතරට එක්වුණේ ඉන්දියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර පිටියේ දඟපන්දු යවන්නෙක් වාර්තාකල තෙවන හොඳම පන්දු යැවීම ලෙසයි. එහි පළමු හා දෙවන ස්ථාන වල ද සිටින්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙක්.

ඉන්දියාවට එරෙහිව එක්දින පිටියේ දඟපන්දු යවන්නන් වාර්තාකර ඇති හොඳම පන්දු යැවීම්,

  • මුත්තයියා මුරලිදරන් – 7/30 (2000)
  • අජන්ත මෙන්ඩිස් – 6/13 (2008)
  • ජෙෆ්රි වැන්ඩසේ – 6/33 (2024)
  • අකිල ධනංජය – 6/54 (2017)
  • සයීඩ් අජ්මාල් – 5/24 (2013)

මෙම තරඟයේදී වැන්ඩර්සේ, තමන් සතුකරගත් වාර්තා

  • ඉන්දියාවට එරෙහිව එක්දින පිටියේ දඟපන්දු යවන්නෙක් වාර්තා කළ තෙවන හොඳම පන්දුයැවීම
  • එක්දින ජාත්‍යන්තර පිටියේ ප්‍රතිවාදී කණ්ඩායමක පළමු කඩුලු 06 ම දවාගැනීමට සමත්වූ පළමු දඟපන්දු යවන්නා
  • මැණිකටුව භාවිතයෙන් පන්දුයවන පන්දුයවන්නෙක් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ හොඳම පන්දුයැවීම

ඊට අමතරව පලමු තරඟයේදී මෙන්ම සුපිරි පන්දු යැවීමක නිරත වූ නායක චරිත් අසලංක ලකුණු 20 කට කඩුලු 03 ක් බිඳ දැමීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button