එංගලන්ත නිත්‍ය නායකයා ඉවතට.. -
Squad Update

එංගලන්ත නිත්‍ය නායකයා ඉවතට..

පසුගියදා The Hundred ලීග් තරඟාවලිය අතරතුර ඇතිවූ කලව ආශ්‍රිත ආබාධය හේතුවෙන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ සියලු තරඟ අහිමිවන බව එංගලන්තය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය 26 හැවිරිදි යොවුන් ක්‍රීඩක ඕලි පොප් හට ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 21 වනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button