” Sports Fiesta ” T10 තරඟාවලියට දින නියමවෙයි.. -
LeagueT10

” Sports Fiesta ” T10 තරඟාවලියට දින නියමවෙයි..

ශ්‍රී ලංකාව තුළ පළමු වරට පැවැත්වෙන පන්දුවාර 10 ය ක්‍රිකට් තරඟාවලියට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙම T10 තරඟාවලිය ” Sri Lanka Sports Fiesta ” ලෙසින් නම්කරන තිබෙන අතර තරඟාවලිය දින තුනක් පුරා පැවැත්වෙන අතර තරඟාවලිය එළඹෙන අගෝස්තු 16 වන දින ආරම්භ වන අතර අවසන් මහා තරඟය අගෝස්තු 18 වනදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා ජැෆ්නා, දඹුල්ල, කලම්බු , කැන්ඩි සහ ගෝල් ලෙසින් කණ්ඩායම් පහක් සහභාගී වන අතර තරඟාවලිය Bloomfield සහ Thurstan ක්‍රීඩාංගණ වල පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන කණ්ඩායම් සහ කණ්ඩායම් නායකයින්.

  • Dambulla – Bhanuka Rajapaksa
  • Jaffna – Janith Liyanage
  • Colombo – Charith Asalanka
  • Galle – Dunith Wellalage
  • Kandy – Niroshan Dickwella

Sports Fiesta SLC T10 තරඟාවලිය ” The Papare TV ” නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින්ට සජීවීව නැරඹීමට අවස්තාව උදාවී තිබෙනවා.

තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර

  • ThePapare TV ( Dialog TV – Ch No. 63 )
  • Dialog VIU App
  • ThePapare.com

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button