පළමු එක්දින තරඟයෙන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්.. -
Match Results

පළමු එක්දින තරඟයෙන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්..

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (16) පැවැත්වුණු අතර කඩුලු 03 ක ජයක් වාර්තා කරමින් තරඟ 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 හ අවසානයේ කඩුලු කඩුලු 08 කට ලකුණු 260 ක් රැස්කළා. විශිෂ්ට ඉනිමක් දියත්කළ විශ්මි ගුණරත්න සිය මංගල එක්දින ශතකයද සමඟින් පන්දු 98 කින් ලකුණු 101 ක් රැස්කළා. මෙම ශතකයත් සමඟින් චමරි අතපත්තුගෙන් පසුව ජාත්‍යන්තර ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වීමටද විශ්මි සමත්වුණා.

එලෙසම මෙම ශතකයත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක වාර්තා කළ ශ්‍රී ලාංකිකයින් අතරින් ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක්වීමටද විශ්මි ගුණරත්න සමත්වුණා. ඒ අසංක ගුරුසිංහ , අරවින්ද ද සිල්වා වැනි විශිෂ්ටයින් අභිභවා යමින්..

ජාත්‍යන්තර ශතක වාර්තා කළ ලබාලතම ශ්‍රී ලාංකිකයින්.

  • Vishmi Gunaratne | 101 vs IRE ( 18y 360d )
  • Chamari Seneviratne | 105* vs PAK ( 19y 154d )
  • Asanka Gurusinha | 116* vs PAK ( 19y 187d )
  • Aravinda De Silva | 122 vs PAK ( 19y 364d )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 02 කදී කඩුලු 07 ක් දැවී නියමිත ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් සුපිරි ඉනිමක් දියත්කළ ඕර්ලා ෆ්‍රෙන්ඩිගාස්ට් පන්දු 107 කින් නොදැවී ලකුණු 122* ක් රැස්කළා. පන්දුයැවීමේදී කවීශා දිල්හාරි ලකුණු 54 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

තරඟයේ වීරවරිය ලෙසින් තුන්ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූ ඕර්ලා ෆ්‍රෙන්ඩිගාස්ට් පිදුම් ලැබුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button