තෙවන දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට.. -
Domestic

තෙවන දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර සිව්දින පෙර පුහුණු තරඟයේ තෙවන දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්වුණා.

තෙවන දිනය ආරම්භ වනවිට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 185 ක් පිටුපසින් සිටිමින් ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ කළ අතර දෙවන ඉනිමට ලකුණු 306 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ලකුණු 77 ක් වාර්තා කළා. නායක දනංජය ද සිල්වා ලකුණු 66 ක් වාර්තා කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51 ක් වාර්තා කළා. නිශාන් මදුශ්ක සමඟින් පළමු කඩුල්ලට ලකුණු 105 ක සබඳතාවයක් ගොඩනැඟූ දිමුත් කරුණාරත්න ලකුණු 43 ක් රැස්කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹායාම සඳහා දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත Lions කණ්ඩායම දිනය නිමාවනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 47 ක් ලබාසිටියා.

ඒ අනුව එංගලන්ත Lions කණ්ඩායමට ජයග්‍රහණය සඳහා කඩුලු 08 ක් ඇතැතිව අවශ්‍ය වන්නේ තවත් ලකුණු 75 ක් පමණයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button