මිලාන් රත්නායකට ජාත්‍යන්තර ටෙස්ට් වරම්.. -
News

මිලාන් රත්නායකට ජාත්‍යන්තර ටෙස්ට් වරම්..

එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය හෙට (21) ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30 ට ආරම්භ වන අතර, අද පැවතී මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා, පලමු තරඟයේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ අතර හෙට තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුව නිවේදනය කළා.

සංචිතයේ සිටින නවක ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට දිනයේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවන අතර කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යය දිනේශ් චන්දිමාල් හට පැවරී තිබීම විශේශත්වයක්.

ආබාධ තත්ත්වය හේතුවෙන් කාලයක් ටෙස්ට් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, මෙම සංචිතයට කැදවූ නමුත්, පලමු තරඟයට ඔහු කම්කර නෑ.

ඒ අනුව, පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම

  • දිමුත් කරුණාරත්න
  • නිශාන් මදුශ්ක
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේශ් චන්දිමාල් ( WK )
  • දනංජය ද සිල්වා ( C )
  • කමිඳු මෙන්ඩිස්
  • ප්‍රභාත් ජයසූරිය
  • අසිත ප්‍රනාන්දු
  • විශ්ව ප්‍රනාන්දු
  • මිලාන් රත්නායක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button