එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවතට.. -
News

එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවතට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟය අතරතුර දකුණු කලවේ මාංශපේශීවල ඇතිවූ අබාධයක් හේතුවෙන් එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වූඩ් පිටියෙන් ඉවත්වූ අතර තරඟයේ සිව්වන දිනයේදී පන්දුයැවීමේ කාර්යයෙන් ඉවත්වුණා.

මෙම ආබාධය හේතුවෙන් මාර්ක් වුඩ්ට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ ඉතිරි තරඟ දෙකම අහිමිවන බව ESPN CrickInfo වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ අනුව ඔහුට ආදේශකයක් ලෙස ඔලී ස්ටෝන් දෙවන ටෙස්ට් තරඟයේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩාකිරිමට නියමිත බවද වාර්තා වෙනවා.

එලෙසම මාර්ක් වුඩ් තරඟාවලියෙන් ඉවත්වීමත් සමඟින් 20 හැවිරිදි Leicestershire වමත් වේගපන්දු යවන ක්‍රීඩක Josh Hull එංගලන්ත ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button