ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට.. -
News

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට..

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා. ඒ අනුව නවතම ICC ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්තානය හිමිකරගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වී තිබෙන්නෙ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟයේදී දැක්වූ දස්කම් හේතුවෙන් කමිඳු මෙන්ඩිස් , දිනේශ් චන්දිමාල් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් ස්තාන 08 කින් ඉදිරියට පැමිණෙමින් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 36 වන ස්තානය හිමිකරගෙන තිබෙන අතර දිනේශ් චන්දිමාල් ස්තාන 04 කින් ඉදිරියට පැමිණෙමින් 23 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්තානයේ රැඳීසිටි දිමුත් කරුණාරත්න ස්තාන 05 කින් පසුබැස තිබෙන අතර ඔහුට හිමිව ඇත්තේ 14 වන ස්තානයයි.

එලෙසම ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 10 කින් කැපිපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණීමට අසිත ප්‍රනාන්දු සමත්වී ඇති අතර ඔහු 17 වන ස්තානයේ පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button